Tuesday, April 16, 2013

Posted Posted by aa in , Comments No comments



එක්තරා යුවලක් පැයට කි.මි 100 ක් පමණ වේගයෙන් ධාවනය වන යතුරු පැදියක ගමන් කරමින් සිටියා
තරුණිය :- වේගය අඩුකරන්න මට බයයි..තරුණයා :- යැයි.. මේක හරි විනෝදයි නේ..
තරුණිය :- එහෙම නෑ... වේගය අඩු කරන්නකෝ....
තරුණයා :- එහෙනම් මට ආදරයි කියන්න.
තරුණිය :- හරි මං ඔයාට ගොඩාක් ආදරෙයි... වේගය අඩුකරන්න.
තරුණයා :- එහෙනම්, මාව එක පාරක් බදා ගන්න.
තරුණිය :- තරුණයාව බදා ගත්තා.
තරුණයා :- මගේ හෙල්මටි එක ඔයා දාගන්නවද... ඒක කරදරයි මට...

පසුදින පුවත්පතේ මෙසේ පළවී තිබුණා. වේගයෙන් පැදවූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තරුණියක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සත්‍ය වශයෙන්ම සිද්ධිය වී තිබුනේ මෙසේය...
අධික බෑවුමක ගමන් කරද්දී යතුරු පැදියේ තිරිංග කැඩුන බව තරුණයාට දැනින. ඔවුන් අනතුරට ලක්වන බව ඔහුට දැනුනත්, ඔහු එය තම පෙම්වතියට ඇඟවූයේ නැත. ඒ වෙනුවට අවසන් වරට ඇගේ මුවින් " ♥ආදරෙයි..♥ " යන වචනය අසා, තමාව බදාගන්නා ලෙස ඉල්ලා, පෙම්වතියට හිස්වැසුමක් ද නොමැති නිසා, හැකිනම් ආරක්ෂා වීමට තමන්ගේ හිස් වැසුම ලබා දී තමන් මිය යාමට සැරසුණි.
"ඔබේ ජීවිතයටත් මෙවන් සහකරුවන්, සහකාරියන් ලංකර ගන්න"

සත්‍ය සිදුවීමකි අසන්නට ලැබුණු දෙයක් 

0 comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි