Tuesday, April 16, 2013

Posted Posted by aa in , Comments 2 comments
Apr
16


එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා.
                             නමුත් ඔහු කියාසිටියේ ඔවුන් මගේ හොඳම මිතුරන් බැවින් ඔවුන් සතුටෙන් සිටිනු දැකීම ඔහුට සතුටක් බවයි. එවිට, "ඔවුන් ඔබේ හොඳම මිතුරන්දැයි සොයා බලමු" යැයි මව යෝජනා කළා.

ඔවුන් පිටි වලින් මිනිස් රුවට සමාන රුවක් නිර්මාණය කොට ඇඳුම් අන්දවා කාමරයක තැබුවා. ඉන්පසු එක එක මිත්‍රයා වෙන වෙනම පැමිණෙන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් පැමිණි විට තරුණයා මෙසේ කිවුවා. "මගේ අතින් මිනිසෙකු ඝාතණය වුණා හැකි ඉක්මනින් මොහුව වල දැමිය යුතුයි. ඔබට මට උදව් කළ හැකිද ?" එවිට මිතුරන්, ඔබ මගේ යහළුවා තමයි. මට ඔබ ගැන ඇත්තටම දුකයි.. ඒත් මට බෑ මේකට උදවු කරන්න. මෙසේ මිතුරන් 999 දෙනෙක්ම ඔහුව මග ඇරීය.
                         අවසන් මිතුරත් පැමිණියා. කාරණය ඔහුට සැල කළ විට ඔහු මෙසේ කිව්වා. "මෙය නීති විරෝධී වැඩක්. එවැනි වැඩ වලට සහභාගි වෙන එක මගේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධයි. නමුත් ඔබ මගේ හොඳම මිතුරා. ඔබ මේ අවස්ථාවේ ඉන්නේ කරදරේක වැටිලා. ඔබව ඉන් මුදාගන්න එක අන් සියළු දේට වඩා මට වැදගත්. අපි මේ මිනිය ඈත කොහේට හරි ගෙන ගොස් වල දමමු. මම එයට, ඔබට උදවු වෙන්නම්. මින් පසුව මෙවැනි වැරදි නොවෙන්න මම උදව් වෙන්නම්."
                                         ඒ වදන් ඇසීමෙන් . තරුණයාගේ මව ඉතාමත් සතුතට පත්වුණා.
ඇය මෙසේ කිව්වා... "පුතා... මේ ඉන්නේ ඔබේ සැබෑම මිතුරා.. දුකේදී විවිධ හේතු දක්වා මග හරින මිතුරන්ගෙන් පලක් නෑ ඔවුන්ව අමතක කොට ඔබ සතු දේ මොහුත් සමග බෙදාගන්න.."
දුකේදී ඔබේ පිහිටට පැමිණෙන්නේ සැබෑ මිතුරන්ය. අන් අය විවිධ හේතූන් දක්වා ඔබව මග හරිනු ඇත..
උපුටාගැනීම අන්තර්ජාලයෙන්

2 comments:

  1. ඒකනම් ඇත්ත ගොඩක් යාළුවො වාසිබස් දොඩවනවා විතරයි!

    ReplyDelete

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි