පාසල තුල සිදුවු සිදුවිම අතර මෙය මාගෙ මතකයෙන් කිසිදා ගිලිහි නොයන අතර මෙම සිදුවිම හා සම්බන්ද චරිතය අදත් මා අසලින්ම ගැවසෙ.
මගෙ මිතුරෙකු වු නිමල්( අන්වර්ථ නාමයකි) උසස් පෙල හදාරන සමයෙදි 11 වසර ඉගෙනුම ලැබු සිසුවියකට පෙම් බඳින්නට විය. එය සිසුවියට දැනගැනිමට සැලසුවෙ පෙම් පතකිනි. මගෙ මිතුරා නිමල්ගෙ ග්‍රහයින් නිච වී තිබුනු නිසා වෙන්දො එම සිසුවියගෙ හොදම මිතුරිය වුයෙ අප පාසලෙ උප විදුහල්පතිතුමාගෙ බාල දියණියයි. දියණිය තම මිතුරියහට දුන් උපදෙස වනුයෙ එම ලිපිය ගුරුවරියකට බාර දෙන ලෙසය. දවස් කිපයක් තමා ලග තබා ගැනිමෙන් අනතුරුව සිසුවිය එය ගුණවති ගුරුතුමිය හට බාර දුන්නෙ සම්පුර්ණ විස්තරයද සමගිනි.
ගුණවති ගුරුතුමිය එම සිසුවිය හා මිතුරියද කැටුව එම මොහොතෙම විද්‍යාගරයට පැමින අංශ ප්‍රධාන පද්මිණි ගුරුතුමියට හසුන සමගින් විස්තරය කෙටියෙන් ලබා දුනි. මෙ වන විටත් අප අතර මෙම ආරංචිය පැතිර ගොස් තිබු අතර අපෙ සගයා ද තරමක් නොසන්සුන්ව සිටියෙය. අප පන්ති තිබු විද්‍යාගාරය තෙමහල් ගොඩනැගිල්ලකි. එහි පළමු මහල රසායන විද්‍යගාරය හා ජිව විද්‍යාගරයයි. දෙවන මහළ භෞතික විද්‍යාගරයයි. තෙවන මහළ ගණිත පන්ති තිබු අතර ගොඩ නැගිල්ලෙ මැදින් තරප්පු පෙලිය විය. අප පන්තියෙ එලියට අවුත් පහල බැලිමෙන් ගොඩනැගිල්ල තුල සිදුවන දැ ගැන යම්තම් අවභොදයක් ගත හැක. තෙමහල් ගොඩනැගිල්ලට අසලින් තිබුනෙ දෙමහල් ගොඩනැගිල්ලකි එහි ජිව විද්‍යා පන්ති කිපයකි. ඉහල මාලයෙ පන්ති තුලින් බැලු විට එක එල්ලෙම භෞතික විද්‍යාගරය පෙනෙ. මෙ වන විටත් තරමක් උණුසුම් මුහුනුවරක් ගත් අතර විද්‍යාගුරුමණ්ඩලයෙ ගුරුවරියන් කිපදෙනෙකු ගුණවති ගුරුතුමියද සමගින් භෞතික විද්‍යාගරය ඇතුලට ගොසින් සාකච්චා කරයි. මෙ අතර අප ගැන්සියෙ එකා බැගින් පහලට ගමන් කරනුයෙ වතුර බොන මුවාවෙන් පහල සිදුවෙන විස්තර දැනගැනිම පිනිසය.
පලමු වෙඩි මුරය පත්තු විය.
වතුර බිමට ගිය මිතුරෙක් පැමිණ
" නිමල් අන්න උබට පද්මිණි මිස් එන්න කිව්වා physics lab එකට"
නිමල් ඔලුවෙ අත තියාගත් අතර අප කිපදෙනෙක් ඔහු වට කරගෙන
" අපිත් එනවා යන්.. බයවෙන්න එපා යකො අපි ඉන්නවා..."
මා තව කිපදෙනෙකුත්, ඔහුත් සමග පහල භෞතික විද්‍යාගාරයට ගියත් නිමල් ව පමණක් ඇතුලට ගන්නා ලදි. එහිදි නිමල් හට ගුණවති ගුරුතුමිය ඉදිරියෙ බනින ලද්දෙ පද්මිනි ගුරුතුමිය විසිනි. මෙය අර සිසුවියන් දෙදෙනාම දැක තිබුනි. එ අතර දෙමහල් ගොඩනැගිල්ලෙ සිටි ජිව විද්‍යා සිසුන් ද දැක තිබුනි. විද්‍යාගරය තුල පැයක පමණ නඩුවිභගයකින් අනතුරු විද්‍යාගරයෙ දොර විවෘත විය. එම දොරෙ හිල් වලින් බලා, දොරට කන තබා සිටි සියල්ල ක්ෂනයකින් අතුරුදහන් වි පන්තිවල ඉදගෙන පොත පත කියවමින් සිටියෙය.පසුව අප නිමල්ගෙන් සිදුවු සියල්ල දැනගතිමු.
නිමල්ට මුලින්ම බැන්නත් නිමල් දුන් පෙම් හසුන කඩා කියවිමෙන් අනතුරුව ගුරුවරුන්ගෙ සිත් නිමල් කෙරෙහි දැක්වු හැසිරිම වෙනස් විය. එක් සංවෙදි ගුරුතුමියකගෙ ඇසින් කදුලු පිටවු බව ජිව විද්‍යා පන්තිවලින් ආරංචි විය. සියල්ල හමාර වු පසු පද්මිණි ගුරුතුමිය අනිත් ජුරියද කැටුව අප පන්තියට පැමින අප සියල්ලන් හා කතා කරන්නට විය. එහිදි නිමල්ට චොදනාවක් හො සිතරිදෙන යමක් නොවිය.
" නිමල් හොදට ඉගෙන ගන්න. ඔයා බැරි කෙනෙක් නෙමෙනෙ. අනිත් එක ඔයගෙ වාසනාවකට ගුණවති මිස්ට හම්බ උනෙ. එක වෙන කෙනෙකුගෙ අතට ගියනම් ප්‍රින්සිපල් ලග නතර වෙන්නෙ. කෙල්ල ලස්සන නම් කමක් නැහැ. මොකද්ද ඔයි ලැජ්ජා නැති වැඩෙ. හොදට ඉගෙන ගෙන ඉංජිනෙරුවෙක් වෙලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් එහෙම අරගෙන එහාට මෙහට පද්දනකොට කුරටයක් අරන් එක එක අමුනගෙන ආවැහැකි. තමුසෙ නරක ලමයෙකුත් නෙමෙ."
නිමල්ගෙ පෙම්හසුන කියවිමෙන් අනතුරුව නිමල් හොද ලමයෙකු ලෙස ගුරුවරු පිලිගන්න ලදි. එදා නිමල්ගෙ පෙම්හසුන තුල තිබු අන්තර්ගතය දන්නෙ එදා ජුරිමණ්ඩලයෙ සිටි ගුරුවරියන් කිපදෙනා සහ නිමල් පමනි.
මා මෙහිදි සදහන් කල යුතු කරුණු කිපයක් ඇත.
ළමයෙකුගෙ වැරැද්දක් දැක නිවැරදි කර ඇත. එය කල ආකරයද පුදුමය. අද සමාජයෙ මෙවැනි දේවල යම් ප්‍රමානයක් කෙලවර වන්නෙ සියදිවි නසාගැනිමෙනි. ගැහැණු ලමයාටත්, පිරිමි ලමයටත් බැන, පාසලෙන් අස්කර ජිවිතයම විනාශවන අවස්තාද නැතුව නොවෙ. මෙම ගුරුවරුන් කිපදෙනා හැසුරුනු ආකාරය නිසා නිමල්ගෙ ජිවිතයද වෙනස් විය. නිමල් ඉහලින් සමත් නොවුනද ප්‍රතිපල ඉදිරියෙන් තිබුනෙය. මෙම සිදුවිම විද්‍යා අංශය තුල පමනක් ප්‍රසිද්ධ රහසක් විය. දරුවෙකුට දැනෙන්න කතා කිරිමට පුදුමාකාර හැකියාවක් අප පාසලෙ එවකට සිටි ගුරුමණ්ඩලයට තිබුනි.
" තොපිට ඕනානම් ඉගෙන ගනිල්ලා මෙන්න" කියා ඔක්කොටම එකම පොල්ලෙන් දමා ගසා විෂය නිර්දෙශය ඉක්මනින් ඉවර කරෙද නැත. කෙසෙ වුවත් එම ගුරුවරියන්ගෙ ගතිපැවතුම මා හට විස්තර කළ නොහැක.
අප පුද්ගලික පන්ති නොගිය හෙයින් අන්තිම දවස දක්වා පාසල යැමෙ භාග්‍ය ලැබිනි. නිමල්ද අන්තිම දවසෙ පැමිණියෙය. එදා නිමල්ට පෙම්හසුන ලැබිණි. අප එය දැක්කෙමු.
" නංගි ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් මම ඔයා ගැන බලන් ඉන්නවා "
සුදු කඩදාසි කොලයක එපමණය. නිමල් විභාගය ඉහලින් සමත් නොවුයෙ මන්ද යැයි මම නොදනිමි......
......අන්වර්ථ නාමයන් භවිතා කර ඇත්තෙය........
- කොස් ඇට මීය
Posted by aa
in

0 comments:
Post a Comment
word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි