Thursday, August 9, 2012

Posted Posted by aa in , Comments 1 comment


මිනිසුන් මනින දඩු
ඇදුමින්..
පැළදුමින්..
හිනාවෙන්.
.
උසින්..
මහතින්..
කෙට්ටුවෙන්..
කථාවෙන්..
බැලිල්ලෙන්..
ඇසිල්ලෙන්..
ගෙදර සයිස් එකෙන්..
වාහනෙන්..
මොබයිල් එකෙන්..
රස්සාවෙන්..
පරස්ථාවෙන්..
කෑමෙන්..
බීමෙන්..
ජාතියෙන්..
ආගමෙන්..
කුලෙන්..
etc..

ඔය කොයි මිමෙන් මැන්නත්.. මිනිහෙක් මිනිහෙක්ව මනින්නේ තමන්ට සාපේකෂව..
යටි හිත කියනවා.. මම මෙහෙමයිනේ.. ඒක හින්දා මූත් එහෙම වෙන්න ඇති
මම මේ වගේ උනාට මූනම් මට වඩා වෙනස් හින්දා මූ අර වගේ වෙන්න ඇති
හැමදේම සාපේකෂයි..
තමුන් කවුද කියලා 100%ක් නොදන්න අපි
අනුන් ගැන චරිත සහතික දෙනවා..
සහතිකේ ලියවෙන්නේ අපේ අකුරු වලින් නිසා
කෙ‍නාගෙන් කෙනාට අත්අකුරු වෙනස් නිසා
අපි ලියන සහතිකේ අකුරුත් වෙනස් හැඩ ගන්නවා..
හරියට අන්ධයෝ 7 දෙනා අලියව විස්තර කලා වගේ තමා
ඇස් කන් සේරම ඇරිලත් තාම අඩුම ගානේ
තමුන්ට තමුන්ව වත් අදුන ගන්න බැරි එකේ
කොහොමද වෙන ‍මිනි‍හෙක් මේ වගේ කියන්නේ..
ඒ වුනාට ඇහුවොත් නම් කියවයි මෙයා මෙහෙමයි
මෙයා මෙහෙමයි කියලා..
හැබැයි ඒ එළියට එන වචන වල එන්නේ
තම තමන්ගේ හිත් ඇතුලේ තියන කුණු ගද කියලා
කියන අයම දන්නේ නැතුව ඇති.
අවසානෙදි මිනිස්සු මනින්න මිණුම් දණ්ඩක් නෑ..
ඒත්
එක හැගීමක් තියනවා ‍ඔය කොයි කවුරුත්
එකට බැදලා තියන්න පුළුවන්.
ඒ තමයි ආ‍දරේ.
සමහර විට අනිත් අයගේ හිත් වල තියන දේ
තමන්‍ට නොතේරෙන්න පුළුවන්..
ඇත්තෙන්ම තමන් රැවටෙනවා වෙන්නත් පුළුවන්
හැමදේම අවිනිශ්චිතයි
ඒත් ආදරේ ආදරේ සදාකාලිකයි..
කාට හරි කියන්න පුළුවන්
සදාකාලික නොවු ලොකේ සදාකාලික ආදරයක් කොයින්ද කියලා..
ඔව් නෑ තමයි.. ඒත් තමන් තමන්ගේ හිතේ තියන ආදරය විශ්වාස කරන තුරු
ඔය කොයි දේත් අමතක කරලා
ළග ඉන්න කෙනාව ආදරෙන් වැළද ගන්න
පුළුවන් වේවි..

මම මට පුළුවන් උපරිමයෙන් එහෙම කරන්න උත්සහ කරනවා
අනේ අනිත් අයත් එහෙම කරන දවස ඉක්මනින් ආවොත්
අපි හැමෝටම ආයෙත් හිනා වෙන්න පුළුවන් වෙයි





                                                                     - වෑලි කොස් ඈට මියා

1 comment:

word verification දාල නැහැ comment කරන්න ලේසියි.. ඔයාලගේ comment අපේ මොරාල් up කරයි